Friday, February 06, 2026
Follow Us
6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් වීමේ අභියාචනා භාර ගැනේ

2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා අද (20) දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා කාලය වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ය.

එහි දී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lkවෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකි ය.