Friday, February 06, 2026
Follow Us
මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වෙයි

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.

බලශක්ති උත්පාදනය සඳහා 49.53 GWh ශුද්ධ ජනනය අවශ්‍ය විය.

අද උදෑසන වාර්තා වූ සැබෑ ඉල්ලුම, අද දින සඳහා 50 GWh ඉක්මවන ඇස්තමේන්තුගත බලශක්ති ඉල්ලුමක් පුරෝකථනය කරයි.
මෑතක දී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනක යන්ත්‍ර ඇතුළු සියලුම ලංවිම තාප බලාගාර විදුලි උත්පාදනය සඳහා යොදා ගැනේ.