Saturday, September 26, 2026
Follow Us
බිත්තර අඩු කරන්න පුළුවන්ද?

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලක්ෂ 10ක් වූ දෙවන බිත්තර තොගය හෙට (08) නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙට දිනයේ ලබාදීමට නියමිතව ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේය.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පෙන්වා දෙන්නේ සත්ත්ව ආහාර සඳහා වන වැට් එක අයින් කළොත් බිත්තරයකින් රු.6ක් අඩු කළ හැකි බවයි.