Friday, February 06, 2026
Follow Us
අමාත්‍යාංශයකට නව ලේකම්වරයෙක් පත් කෙරේ

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහා නව ලේකම්වරයෙකු පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඒ අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ කේ.ඩී.එන් රංජිත් ආශෝක මහතායි.

මාර්තු 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.