Friday, February 06, 2026
Follow Us
ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර තොගය බෙදාදෙයි

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30) වෙළද පොළට නිකුත් කළේය.


රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් මෙම බිත්තර තොගය මෙරටට ගෙන්වා තිබෙන අතර මෙරට බේකරී නිෂ්පාදකයින්ට මෙම බිත්තර තොගය බෙදා දී තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ මෙලෙස බිත්තර ලක්ෂ 10 ක් එකක් රුපියල් 35/= ක මිලකට බේකරි හිමියන්ට ලබා දුන් බවයි.