Friday, February 06, 2026
Follow Us
18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමේ
 
මහනුවර මහියංගනය ප්රධාන මාර්ගයේ 18 වංගුව කොටසේ දෙවන වංගුව ආශ්රිත ප්රදේශයේ සිදු වූ නායයෑම් තත්ත්වයක් හේතුවෙන් මතුව තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු එම මාර්ගය වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
 
මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ප්රදේශය පරීක්ෂාකර බලා පවතින අනාරක්ෂිත තත්ත්වයන් කඩිනමින් ඉවත් කර නැවත සුපුරුදු පරිදි වාහන ධාවනය ආරම්භ කිරීමට හැකි වන පරිදි මාර්ගය යතාතත්වයට පත් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස ප්රවාහන හා මහා මාර්ග අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.