Friday, February 06, 2026
Follow Us
පොහොර බෙදාහැරීම හෙට සිට

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙරටට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් හෙට (20) සිට දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම පොහොර තොග අද (19) පස්වරුවේ අදාළ පොහොර තොගය නිල වශයෙන් මෙරටට භාර දීමට නියමිතයි.

යල කන්නයේ වී වගාව ආරම්භ කර ඇති සියලු දිස්ත්‍රිකක්වලට අදාළ පොහොර තොගය බෙදා හැරීමට නියමිත අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.