Saturday, February 07, 2026
Follow Us
ගුරු ස්ථාන මාරු මාර්තු 24 සිට ක්‍රියාත්මකයි

2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.