Saturday, February 07, 2026
Follow Us
ණයහිමියන්ට ජනපති ලිපියක් යවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට ලිපියක් යවා තිබේ.

ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගීතාවය ලබාදෙන ලෙසය.

ජනාධිපතිවරයා සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ බාහිර ණය තත්ත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු අදාළ පාර්ශ්වයන්ට ලබාදෙන බවය.

Aruna