Saturday, February 07, 2026
Follow Us
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් ඊයේ (12) සවස විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ, සාමුහික ගිවිසුම්, විදුලි ගාස්තු ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආයතනයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.