Sunday, February 08, 2026
Follow Us
ආර්ථිකය ගොඩගැනීමට නම් අසීරු තීරණ ගත යුතු බව මහ බැංකු අධිපතිවරයා යළි කියයි

මේවනවිට රට මුහුණ පා සිටින අසීරු ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අමාරු තීරණ ගත යුතුව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එලෙස ගනු ලබන තීරණ ජනප්‍රිය තීරණ නොවන බැවින් එම තීරණවලින් යම් කොටසක් පීඩාවට පත්විය හැකි බවයි මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රටක ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දක්ෂ සහ සුදුසුකම් ඇති පුද්ගලයින් එම තනතුරුවල දීර්ඝ කාලයක් කටයුතු කරන්නේ නම් රට මෙම තත්ත්වයට පත් නොවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Neth