Sunday, February 08, 2026
Follow Us
දුම්රිය කාලසටහන උඩු යටිකුරු වෙයි

ලබන සතියේ සිට අලුත් කාලසටහනක්


එළඹෙන සතියේ සිට දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවට ‌තොරතුරු වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එවැනි තීරණයක් ගෙන ඇති බවයි.

දුම්රිය මාර්ගවල පවතින දෝෂ සහ නඩත්තු කටයුතු හේතුවෙන් දුම්රිය වේග සීමා පැනවීමත් සමග සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමේ දී ගැටලු පැන නැගී තිබේ.

ඒ හේතුවෙන් කාර්යාල දුම්රිය, කොළඹ කොටුව සහ අනෙකුත් ගමනාන්තයන් වෙත ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවේ.

ඒ හරහා කාර්යාල සේවකයින් පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ .

Aruna