Sunday, February 08, 2026
Follow Us
ලයිසන් ගන්න ඉන්න අයට වැදගත් පණිවිඩයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50 ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් හිඟවීම හේතුවෙන් ය.

පසුගිය දිනවලදී රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ තාවකාලික රියදුරු බලපත්‍ර පත්‍රිකාවක් ලෙසය.ඒ අනුව එලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර පත්‍රිකා ලක්ෂ 06 ක් පමණ නිකුත් කර ඇත.

කෙසේවෙතත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කාඩ් පත් මේ වන විට ලැබී ඇති හෙයින් තාවකාලිකව නිකුත් කළ පත්‍රිකා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.

Aruna