Sunday, February 08, 2026
Follow Us
අලුතෙන්ම ලයිසන් ගන්න අවස්ථාව හිමිවෙන අය

දිවයිනේ ලක්ෂ 3කට ආසන්න පිරිසකට ලයිසන් හිමිවෙයි


පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට තීරණය කර තිබේ.

එහි නියමු වැඩසටහන (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද ඉල්ලීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇත.

Aruna