Sunday, February 08, 2026
Follow Us
ඉදිරියේ දී තෙල් මිල ගැන දැනුම්දෙන්නේ මෙහෙමයි

තෙල් මිල ගැන අලුත් තීරණයක්


මින් පසු සෑම මාසයක පළමුවැනිදාට සහ පහළොස්වනිදාට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බවත් ඉන්ධන මිල අඩු වැඩි වීම පිළිබදව දැනුම් දෙන්නේ එය සිදුකරන දින රාත්‍රියේ බවත් බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසූ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී.

නිශ්චිත දිනවලදී මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් මතුවන ගැටලු පිළිබද ඇමැතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට ඔහු එකඟතාව පළ කළ බව මෙම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න අපි කළ විමසුමකදී පැවසුවේය. නියමිත දිනකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉන්ධන බෙදුම්කරුවන් අපහසුතාවට මෙන්ම පිරවුම්හල්වලට ඉන්ධන නොපැමිණීම නිසා පාරිභෝගිකයන් ද දැඩි අපහසුතාවට පත්වෙන හෙතම පැවැසීය.

රජය විසින් ඉන්ධන මිල අඩු වැඩි කිරීමට නියමිත දින දෙකක් නම් කර තිබියදී සහ එම මිල අඩු වැඩි කිරීම මධ්‍යම රාත්‍රියේ කිරීමට එකඟතාවකට පැමිණ සිටියදී ද ඒ අනුව කටයුතු නොකරමින් සිතුනු ආකාරයට එක් දිනක රාත්‍රිය 10 ට තවත් දිනක පාන්දර 03 ටත් ආදී වශයෙන් මිල අඩු වැඩි කරමින් කටයුතු කිරීම මත මෙම ඉන්ධන අර්බුදය අද වන විට පැන නැගී ඇති බව ඔවුන්ගේ අදහසය.

Aruna