Sunday, February 08, 2026
Follow Us
ගුරු ඇඳුම වෙනස් කරන්නේ නෑ – අධ්‍යාපන ඇමති

මොනයම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

රජයේ සේවයෙහි සෙසු අංශවලට අවසර ලබාදී ඇති පරිදිම ගුරුවරුන්ටත් සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙතට පැමිණීමට අවසර ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය පසුගියදා කළ ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ලංකා ගුරු සංගමයේ මෙම ඉල්ලීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් දැඩි විරෝධයක් දක්වා තිබුණු අතර ඊට ගුරුවරුන් ප්‍රතිචාර දැක්වීමත් සමග මේ සම්බන්ධයෙන් සමාජය තුළ යම් සංවාදයක් මතුවී තිබිණි.

LNW