Sunday, February 08, 2026
Follow Us
විදෙස්ගත වීම අත්හිටුවයි

රට රැකියාවලට යන්න ඉන්න අයට දැනුම් දීමක්


සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ

එම කාර්යාංශය නිවේදනය කළේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා සංචාරක වීසා මගින් විදේශ ගත වූ කාන්තාවන්ට රැකියා නොලැබීමල හිරිහැර විඳීමට සිදුවීමල සිරගත වීම සහ අතරමංවීම ආදී කරුණු පිළිබඳව තොරතුරු වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මේ අනුව ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ සියලුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සදහා සංචාරක වීසා මගින් කාන්තාවන් යෙදවීමල වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන් විශේෂ උපදෙස් මත ලියාපදිංචිය සඳහා ලබාදී තිබූ අවසරය ද අත්හිටුවා තිබේ.

Aruna