Monday, February 09, 2026
Follow Us
උතුරු පළාතටත් සෆාරි අභයභූමියක් දෙන්න සැලසුම්

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් දී තිබෙනවා.

දැනට උතුරු පළාතේ පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙන්ම විනෝදාස්වාදය උදෙසා වෙනමම සෆාරි අභයභූමියක් ස්ථාපිත කර නැහැ.

බොහෝ අභයභූමි මෙන්ම සත්වෝද්‍යාන ද පිහිටා තිබෙන්නේ දකුණේ නිසා උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05ක ජනතාවට දකුණේ සත්ව උද්‍යාන නැරඹීම සඳහා පැමිණීමට සිදුව ඇති බවයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පැවසුවේ.

Neth