Monday, February 09, 2026
Follow Us
ලබන වසරේ සිට 10 ශ්‍රේණියට අලුත් විෂයක්

පාසල් සිසුන්ට සුභ පණිවිඩයක්


ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

සියලුම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම පෘථුල පරිවර්තනයකට ලක් කළ යුතු ඔහු පවසයි.

එසේම වර්තමාන විවිධ සමාජ ක්‍රියාකාරකම්වලින් විශේෂයෙන් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්ෂා කරගැනිමේ අභියෝගයකට ද අප මුහුණ දී සිටින බව අමාත්‍යවරයා පෙවන්වා දුන්නේය.

ඒ අනුව පාසලට නොපැමිණිය යුතු නුසුදුසු ආහාර ආදී විවිධ භාවිතයන් හා සිරිත් පාසල්වලට පැමිණීම වළක්වා ගැනීම සඳහා කොළඹ පාසල් එකසිය හතළිස් හතරේම ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා එම ගුරුවරුන් උපදේශනය සඳහා යොදවා ගන්නා බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින පුහුණු උපදේශකවරුන්ගේ සහාය ද මීට ලබා ගන්නා බවත් පැවසීය.

Aruna