Monday, March 30, 2026
Follow Us
ඉන්ධන කෝටාව වැඩි කරගන්නේ මෙහෙමයි

ලීටර් ගාන වැඩිකරන්න නව ලියාපදිංචියක්


ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.

අනතුරුව එය අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ රියදුරන් මීට අදාළ වෙබ් අඩවියට ( https:// Wptaxi.lk ) පිවිසීමෙන් හෙට සිට ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.

Aruna