Monday, February 09, 2026
Follow Us
රියදුරු බලපත්‍ර පිළිබඳ විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රියාවෙන් රියදුරන්ට කාඩ්පත්


තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ සඳහන් කළේ කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 06ක පමණ රියදුරු බලපත්‍ර තාවකාලිකව නිකුත් කර තිබූ බවය.

කෙසේවුව ද අදාළ කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ගෙන්වීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත අදාළ කාඩ්පත් තොගය මෙරටට ලැබීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේය.

Aruna