Monday, February 09, 2026
Follow Us
මව්පියන්ට පොලිසියෙන් දැනුම් දීමක්

මව්පියන් දරුවන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ නිවෙස්වල රථවාහන ඇත්නම් දරුවන් ඒවා රැගෙන යන්නේ දැයි විමසිල්ලෙන් සොයා බැලිය යුතු බවයි.

තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළා.

 

Neth