Monday, February 09, 2026
Follow Us
ගෑස් හිඟයක් නැහැ : අඛණ්ඩ ගෑස් සැපයුමක් සිදුකරනවා - ලිට්‍රෝ සභාපති කියයි

ලිට්‍රෝ ගෑස් කිසිඳු හිගයකින් තොරව බෙදාහැරීමට කටයුතු කරන බව එම සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් බෙදාහැරීමේ කටයුතු කෙරවලපිටියේ පිහිටි සිය අංගනයෙන් දෛනිකව සිදුකරන බවයි.

ගෑස් හිගයක් පිළිබඳ කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බව ද සභාපතිවරයා සඳහන් කළා. දිවයින පුරා ගෑස් හිගයක් පවතින බවට පුවත්පත් ඇතුළු ඇතැම් මාධ්‍ය ඉකුත් දා වාර්තා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මෙම අදහස් පළ කළා.

Neth

 

digiart cuts · LITRO MUDITHA 01