Monday, February 09, 2026
Follow Us
ආර්ථිකය ගොඩ ගන්න මෙහෙයුමට සහය වන්නැයි ජනතාවට දැනුම් දීමක්

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට සියලු පාර්ශ්ව සහය ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ මේවනවිටත් ජනතාවට සහන ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකෙරෙන සාකච්ඡා පිළිබදවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කර තිබූ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබද වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා එම අදහස් පළ කළා.

Neth