Monday, February 09, 2026
Follow Us
රජයේ සයිබීරියාව වසයි

රාජ්‍ය නිලධාරීන් විස්සකට වැඩි දෙනෙක්ට කිසිදු රාජකාරියක් නෑ


විවිධ හේතු මත රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් මාරු කරන සයිබීරියාව හෙවත් රාජ්‍ය පරිපාලන සංචිතය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙම පරිපාලන සංචිතයේ විවිධ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් විස්සකට වැඩි සංඛ්‍යාවක් දෛනික කිසිදු රාජකාරියක් නොමැතිව සිටිති.

එම නිලධාරීන් විධිමත් රාජකාරි කටයුත්තක් කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීමට නියමිතය. විවිධ වැරදි සහ දූෂණ චෝදනා හේතුවෙන් රාජ්‍ය පරිපාලන සංචිතයට අනුයුක්ත කරන රාජ්‍ය නිලධාරීන්ටද කඩිනමින් විනය පරීක්ෂණ පවත්වා සුදුසු රාජකාරියක් ලබා දීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන සංචිතය අහෝසි කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව සති අග අරුණ කළ විමසුමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ ප්‍රකාශ කළේය.

Aruna