Monday, February 09, 2026
Follow Us
සා/පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


මේ වසරේ පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්විය.ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 517,486 කි.

Aruna