Monday, February 09, 2026
Follow Us
සේවකයන්ට පඩි දෙන්න බිල්ඩිමක් බදු දෙන්න යයි

රුපවාහිනියේ වැටුප් ගෙවීම අර්බුදයක


රුපියල් බිලියනයකට වැඩි ණය හමුවේ ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ සේවක වැටුප් ගෙවීම අර්බුදයකට ලක්ව ඇති බැවින්, සංස්ථාවේ මූලික වියදම් ආවරණය කරගැනීම සඳහා රුපවාහිනියට අයත් ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකර රාජ්‍ය විශ්වවිද්‍යාලයකට බදුදීම සඳහා යෝජනාවක් සකස් කර ඇති බවත් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.

මෙම කටයුත්තට පෞද්ගලික අංශය මැදිහත් කරගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙලෙස 100%ක් රාජ්‍ය අයිතිය සතු විශ්වවිද්‍යාලයකට ජාතික රුපවාහිනිය සතු ගොඩනැගිල්ලක් බදු දුනහොත්, රජයට ලබාදෙන බද්දක් බව පෙන්වාදුන් ඇමැතිවරයා, අදාළ විශ්වවිද්‍යාලයෙන් විශාල අත්තිකාරම් මුදලක් ලබාගනිමින් එම මුදලින් රූපවාහිනිය විසින් ගෙවිය යුතු බැංකු ණය ගෙවීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය. එසේම මෙම ක්‍රියාවලිය වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna