Monday, February 09, 2026
Follow Us
සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුත් වැඩි කෙරේ …

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ඔක්තෝබර් 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඒ අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 4,000ක ගාස්තුව රු. 4,600ක් දක්වාත් සීමා සහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු. 20,000 සිට රු. 23,000 දක්වාත් යනාදී වශයෙන් සියලු ගාස්තු ඉහළ නංවා ඇත.

LNW