Monday, February 09, 2026
Follow Us
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර ඇත.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ඨතා මධ්‍යස්ථානය ද එම අමාත්‍යාංශවලින් ඉවත් කර තිබේ.

එසේ ඉවත් කරන ලද සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ ලංකා පොස්පේට් සමාගම නව ගැසට් නිවේදනය මගින් කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්කර ඇත.

එසේම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ඨතා මධ්‍යාස්ථානය තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.

එම සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවිය හැකිය …

LNW