Monday, February 09, 2026
Follow Us
GSP ප්ලස් සහනය ගන්න රජය කරන දෙය

ඇමති බන්දුලගෙන් පැහැදිලි කිරීමක්


GSP ප්ලස් සහනය රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුව මානව අයිතිවාසිකම්හි දියුණුවක් ඇතිකරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.‍

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – GSP සහනය අනාගතයේදී අපට ලැබෙන්න තියෙනවා. එය අපට ලැබෙයිද?

“GSP ප්ලස් සහනය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කරනවා. එය නතර නොවී පවත්වාගෙන යාම සඳහා ලංකා ආණ්ඩුව විසින් බොහෝ මානව අයිතිවාසිකම් පැත්තෙන් දියුණුවක් ඇති කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.”

Aruna