Monday, March 30, 2026
Follow Us
ගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්


ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ගෑස් මිල අඩු කර හැකි බවයි.

එමෙන්ම ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔහු පැවසීය.

ඔක්තෝබර් මස 05 වන දින කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් පහත දැමුණි.

ලිට්‍රෝ කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 4,280කට අලෙවි වේ.

Aruna