Monday, February 09, 2026
Follow Us
ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හැරවිය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

රට ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මාස කිහිපය තුළ ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හැරවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. “යූත් ඉනි ගවනන්ස්” නමින් තරුණ පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

අරගලයේ නිරත තරුණ පිරිසට තමන් සමග සාකච්ඡාවකට එක්වන ලෙසට කළ ආරාධනය තවමත් විවෘත බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. අරගලයෙන් දේශපාලන වාසි ලබාගත් පිරිසට ද ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර මෙම සාකච්ඡාවට පැමිණීමට හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Neth