Monday, February 09, 2026
Follow Us
ජල බිල්පත් නොගෙවූ පාසල්වලට සහනයක්

ඇමතිගෙන් ජල සම්පාදන මණ්ඩලයට උපදෙස්


ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් (20) අත්හිටුවා තිබේ.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලබාදුන් උපදෙස් අනුව එම තීරණය ගෙන තිබේ.

බිල්පත් නොගෙවීම හේතුකොට ගෙන කිසිඳු පාසලක ජල සැපයුම විසන්ධි නොකරන බවත් පාසල්වල ජලබිල්පත් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස්කරන බවද ඇමැතිවරයා පැවසීය.

Aruna