Monday, February 09, 2026
Follow Us
අඩු පොළියට බැංකු ණය ලබාගත හැකි පිරිසක්

බැංකු අටකට මිලියන 4,900ක් බෙදා හරී


ව්‍යාපාර කටයුතු සඳහා කාරක ප්‍රාග්ධනය අවශ්‍යව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට 11% – 12% අතර පොළී අනුපාතිකයක් යටතේ ණය ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් අරඹා තිබේ.

කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඇති කෘෂිකාර්මික, සංචාරක සහ අපනයන, නිෂ්පාදන ක්ෂේත්‍රයන් නියෝජනය කරන ව්‍යාපාරික ප්‍රජාවට උපරිමය රුපියල් මිලියන 100 දක්වා වූ ණය මුදලක් මෙම වැඩසටහන යටතේ ලබා ගත හැකි වේ.

අදාළ ණය යෝජනා ක්‍රමය සඳහා ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව යන සහභාගීත්ව මූල්‍ය ආයතන අට (08) වෙත රුපියල් මිලියන 4,900 ක මුදලක් බෙදා හැර තිබේ.

මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්හ.

Aruna