Monday, February 09, 2026
Follow Us
මහපොළ ශිෂ්‍යාධාර වැඩි කරන්න යයි

විශ්වවිද්‍යාල යන සිසුන්ට පණිවිඩයක්


මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.

ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කරන බවය.

දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ කුසලතා මාසික ශිෂ්‍යාධාරය රුපියල් 5500 කි.

මහපොළ සාමාන්‍ය මාසික ශිෂ්‍යාධාරය 5000 ක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.

උද්ධමනය ඉහළ යාමත් සමග මෙම ප්‍රමණය 50% කින් ඉහළ නැංවීමට ‍අපේක්ෂිතයි.

ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළේ, ලබන ජනවාරි මස සිට ශිෂ්‍යාධාරය වැඩි කිරීමට සැලසුම් කර ඇති බවය.

Aruna