Monday, February 09, 2026
Follow Us
ආහාර ගැටලුව විසදන්න සියලු දෙනා එක්විය යුතු බව ජනපති කියයි

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසදන වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අම්පාර, හාඩි උසස් තාක්ෂණ ආයතනයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතරතුරදී ලබන වසරේ සිට කෘෂිකර්මාන්ත නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බවයි. ඒ සදහා පක්ෂ දේශපාලනය ඉවත දමා එක්වන ලෙසටද ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කළා.

Neth