සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනසක්
මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට සූදානම් පිරිසක් සමාජයේ සිටින බවත් එවැනි අවස්ථාවලදී පෞද්ගලික රෝහල් වලින් අයකරනු ලබන ඉහළ ගාස්තු ගෙවීමට නොහැකි ජනතාව වෙනුවෙන් මුදල් ගෙවා රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි .
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ රට තුළ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනේ මංගල වැඩසටහන පෙරේදා (14) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති අවස්ථාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සැලකීමේදී වෛද්‍යවරුන්ගේ සිට ඉන් පහළ දක්වා සියලු දෙනා ඉතා හොඳ සේවාවක් ලබාදීමට හැකි පිරිසක් බවත් මේ නිසා පෞද්ගලික රෝහල්වලට වඩා ඉහල සේවාවක් රෝගියකුට මෙහිදී ලබාගත හැකිවනු ඇති බවද එහි දී අවධාරණය කළේය .
Aruna