Monday, February 09, 2026
Follow Us
ඉන්ධන කෝටාවක් වැඩිකරන්න නියමිතයි

ඉන්ධන ආනයනයේ දී සහනයක්


අවසන් වාර්තාව ජනපතිට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු දෙසැම්බර් මාසයට පෙර විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, සෑම මසකම 15 වනදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ද එහිදී අමාත්‍යවරයා අදහස් පල කළ අතර ඔහු කියා සිටියේ ඉන්ධන ආනයනයේදී කිසියම් සහනයක් මේ වනවිට ලැබෙන බවයි.

එමෙන්ම, ත්‍රිරෝද සඳහා දැනට පවතින කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ගල් අඟුරු සහ බොරතෙල් ආනයනයේදී වංචා සිදුවූ බවට චෝදනා එල්ල කළ පාර්ශවයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද එහිදී ඔහු කියා සිටියා.

aruna