Monday, February 09, 2026
Follow Us
අමාත්‍යංශ කීපයකට විෂයන් ගැසට් කෙරේ

අමාත්‍යංශ කීපයකට වෙනසක්


රාජ්‍ය අමාත්‍යාංශ 04කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ.

සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර ඇත.

ඒ අනුව, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන පත්කර තිබේ.

මීට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනවලට අයත් විෂයයන් ගැසට් කර ඇති බව සඳහන්ය.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇත.

එමෙන්ම විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකට අදාළ විෂය පථයන් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Aruna