Monday, February 09, 2026
Follow Us
ඛනිජ තෙල් නව පනත් කෙටුම්පතට අනුමැතිය

ඛනිජ තෙල් ගැන ගත් තීරණය


ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය එලෙස හිමිවී තිබේ.

මේ සඳහා අනුමතිය හිමිවූයේ විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙම ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ප්‍රතිපාදන සලසාදීම සිදුවේ.

Aruna