Monday, February 09, 2026
Follow Us
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ගැන දැනුම් දීමක්

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලව දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රියේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රෝද කිහිපයක් පීලි පැනීමට ලක්වුණා.

එහි එන්ජිමේ රෝද කිහිපයක් එලෙස පීලිපැනීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මැදිරි එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පීලි පැනීමට ලක්වූ එන්ජිමේ රෝද කිහිපය පීලිගත කිරීම තවදුරටත් සිදුවනවා. කෙසේවෙතත් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට ඉන් බාධාවක් නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

 

Neth