Monday, February 09, 2026
Follow Us
ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


අද(04) පස්වරුවේ සිට හෙට(05) උදෑසන දක්වා කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බැවිනි.

එසේම මුහුදු රළ ද මීටර දෙකත්, තුනත් අතර අගයක් දක්වා ඉහළ යෑමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙයි.

Aruna