Monday, February 09, 2026
Follow Us
විදුලබල, ඛණිජ තෙල් හා රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයුම හෝ බෙදාහැරීම සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින්.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත මඟින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Neth