Monday, February 09, 2026
Follow Us
ඩීසල් මිල අඩු කිරීම ගැන ප්‍රකාශයක්

ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩය


ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටී.

එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි ගෙන් අරුණ කළ විමසුමක දී පෙන්වා දුන්නේ ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නැති ඇති බවය. එවැනි තත්ත්වයක් මත ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පෙරේද [ 01 වැනිදා ] මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළ දැමූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩුවූ බව ඔහු ට්විට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 කි.

ඩීසල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල එලෙසම පවතින බව ද ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.

Aruna