Monday, February 09, 2026
Follow Us
දමිතා කළ ප්‍රකාශයට බන්ධනාගාරයෙන් පිළිතුරු

දමිතාගේ චෝදනාව ප්‍රධාන ජේලර්වරිය ප්‍රතික්ෂේප කරයි


අධිකරණය මගින් සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කරන ලද ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්නඇප මත මුදා හැරීමේන පසු ප්‍රසිද්ධ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජෙරල්වරියට තමන්ව ජරා ගෑනු ඉන්න ගොඩේ රඳවන ලෙස ඉහළින් බලපෑම් කළ බවට ප්‍රකාශයක් කළා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී කාන්තා අංශයේ ප්‍රධාන ජෙරල්වරිය විසින් ප්‍රකාශ කර ඇත්තේ මා හට එවැනි කිසිදු බලපෑමක් සිදු නොවූ අතර ඇයගේ ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානයක රැඳවීමට කටයුතු කල බවයි.

එබැවින් දමිතා අබේරත්න විසින් නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි බන්ධනාගාර මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ

Aruna