Monday, February 09, 2026
Follow Us
පෙට්‍රල් ගැන අලුත්ම ආරංචියක්

මුදල් ගෙවා නැතිව නැව් 3 ක් කොළඹ වරායේ


කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, එහි තොග ගොඩබෑම අද (30) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

මේ අතර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සඳහා මූලික ගෙවීම් කළ බවයි.

Aruna