Tuesday, February 10, 2026
Follow Us
ව්‍යවසායකයන්ට ණය සහන

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයෙන් බැංකු ප්‍රධානීන්ට දැනුම්දීමක්


ව්‍යවසායකයන්ගේ ණය වාරිකවලට සහනයක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය සඳහා අය කරන බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම නිසා ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම දැනුම් දීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබාදෙන ලෙසද රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලා ඇත. මෙහිදී බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ වගකීමද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

ලබාදෙන සහන පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශයට ලබාදෙන ලෙසද දැනුම් දී ඇත.

Aruna