Tuesday, February 10, 2026
Follow Us
අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

කොළඹ ස්ථාන 18 ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අධි ආරක්‍ෂිත කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශ පහතින් :

පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නිතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, යුද හමුදා මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුනගේ නිල නිවාස.

Neth