Tuesday, February 10, 2026
Follow Us
ඖෂධ හිගයෙන් ජීවිත අවදානමකට ඉඩ නොතබන බවට සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

රට තුළ ඖෂධ සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවට කිසිවෙකුටත් කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ජීවිත හානියක් සිදුනොවන පරිදි එම ගැටළුව විසඳා ගැනීමට තමන් දැඩි ප්‍රයත්නයක නිරතව සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ලෝක රෝගී සුරක්ෂා දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Neth