Tuesday, February 10, 2026
Follow Us
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය මාස හයකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කාඩ්පත් තොග අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ.

ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වීමෙන් පසු මාස හයක කාලය සඳහා ලබාදෙන තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසරක් දක්වා දීර්ඝ වන බවයි මෙහිදී සඳහන් කළේ.

 

Neth